April 29, 2024

පොලිස් ඉතිහාසය උඩුයටිකුරු කළ ඉමේෂා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක් පත් කෙරුණා.

ඒ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට යි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියයි මෙලෙස පත් ව ඇත්තේ.

 

එම මහත්මිය 2007 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් සේවයට එක්වූ අතර මේ වනවිට වසර 14ක කාලයක් රාජකාරි කරමින් සිටිනවා.

ඇය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරි කර තිබෙනවා.

 

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරා ඇති ඇය විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ද ලබාගෙන තිබෙනවා.

 

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අර්බුද කළමනාකරණ පාඨමාලාව ද තායිලන්තයේදී FBI ආයතනය මගින් පවත්වන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පාඨමාලාව ද ඇය හදාරා ඇති බව සඳහන්.

එපමණක් නොව මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප‍්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව මෙන්ම ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ඇය හදාරා තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද ඇය විසින් හදාරා ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 08:25

Related items