July 02, 2024

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකියි -මැතිවරණ කාමසාරිස්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඕනෑ ම පුද්ගලයෙක්ට තමාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ අධිකරණයට කරුණු දැක්විය හැකි බව මැතිවරණ කාමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් එය නීතිවිරෝධී බවත් සඳහන් කර පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට තමාට හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඡන්ද ලේඛණයට නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලෙන කරුණු ඇති බවත් අල්ලස් නඩුවකින් වරදකරු වූ පුද්ගලයෙක්ට හෝ සිර දඬුවම් විඳමින් සිටින පුද්ගලයෙක්ට ඡන්ද හිමියෙක් ලෙස ලියාපදිංචි විය නොහැකි බව පනතේ සඳහන්වන බව ද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ය.

එසේ වුව ද යම් පුද්ගලයෙක් ඡන්දය නාම ලේඛනයේ නම ඇතුළත් කර ඡන්දය ප්‍රකාශ කර ඇත්නම් ඡන්ද පෙත්සමක් හෝ මැතිවරණ කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)