April 29, 2024

එන්නත ඉල්ලු නගරාධිපතිට ඇප

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් මර්ධන එන්නත්කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැන තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කර තිබෙනවා.

සැප්තැම්බර් 3 වැනිදා නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Rate this item
(0 votes)

Related items