රනිල් වික්‍රමසිංහ මහතා අපි සමඟ කිසිසේත්ම සම්බන්ධ වීමක් සිදු වී නොමැති බවත් එතුමාගේ නායකත්වය පිළිගත නොහැකි නිසා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එලියට පැමිණි බව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ හිරු බලය වැඩසටහනට සහභාගී වෙමින්.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂත්වයක් නොමැති බවත් යම් ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ශක්තිය ලබා දෙන්නේ නම් එය කිසිසේත්ම බැහැර කරන්නේ නැති බවද පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ලඟට 15 දෙනෙකු තියා එක්කෙනෙක් හෝ යන්න තියෙනවා කියා තමා හිතන්නේ නැති බවද සඳහන් කරනවා.
ඒ නිසා එම මාතෘකාවට කාලය වැය කිරීම අනවශ්‍ය වැඩක් බවත් නිවේදක ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවද වැඩිදුරටත් පවසනවා.