May 12, 2024

නාමල් - විමල් එක්වෙයි! අලුත් වැඩකට අතගසයි

නාමල් රාජපක්ෂ හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සංවර්ධනයේ ප්‍රාදේශීය අසමතුලිතතාව අවම කිරීම, ග්‍රාමීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම හා ග්‍රාමීය ප්‍රදේශවල රැකියා උත්පාදනය සඳහා යොමු වූ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දිරි ගැන්වීම අරමුණු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම, එමඟින් ග්‍රාමීයව සවිමත් ව්‍යවසායක ජාලයක් බිහි කොට රැකියා උත්පාදනය ඉහළ නැංවීම, ප්‍රාදේශීයව විසිරී ඇති සම්පත්, අමුද්‍රව්‍ය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ප්‍රවර්ධනය හා ආනයන ආදේශනය දිරිමත් කිරීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ යටතේ අවම වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් ව්‍යාපෘතියක් බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.

යෝජිත වැඩසටහන යටතේ අවම වශයෙන් රුපියල් මිලියන 100ක ආයෝජනයක් සිදු කරන සහ රැකියා අවස්ථා 50ක් උත්පාදනය කරනු ලබන කර්මාන්ත, ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්නා ව්‍යාපාර ප්‍රවර්ධනය කරනු ලබන ව්‍යවසායකයන් දිරිගැන්වීමේ සහන හා පහසුකම් සලසා දීම එහි අරමුණයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 23:55