May 15, 2024

පොලිස් රථයෙන් පැන මියගිය පුද්ගලයා ගැන සැකයක් (VIDEO)

ධාවනය වෙමින් තිබූ පොලිස් ජීප් රථයකින් පුද්ගලයෙකු බිමට පැන මියගිය බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අසත්‍යයක් බව එම පුද්ගලයාගේ බිරිඳ පවසනවා.

ජීප් රථයේ පසුපස දොරටුව වසා තිබුණේ නම් ඔහු ඉන් පනින්නේ කෙසේ ද යනුවෙන් ඇය ප්‍රශ්ණ කරනවා.

එමෙන්ම අදාළ පුද්ගලයාට පොලීසියෙන් පහර දී ඇතැයි ද ඇය චෝදනා නගනවා.

කෙසේ වෙතත් පොලීසිය ප්‍රකාශ කරන්නේ මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

පෙරේදා (06) උදෑසන සංචරණ සීමා කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වත්තපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් මොහු පානදුර උතුර පොලීසියට අයත් ජීප් රථයකින් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති බව සඳහන්.

එම අතරමගදී මොහු රථයෙන් පැන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ධාවනය වූ ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන බිමට පැන ඇති පව පැවසෙන ඔහු බරපතළ ලෙස තුවාළ ලබා තිබෙනවා.

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබාදීම ද සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පෙරේදා සවස 6.30ට පමණ මොහු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා 42 හැවිරිදි දෙදරු පියෙක්.

මේ අතර අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට මේවන විට කටයුතු කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 08 June 2021 15:49