June 22, 2024

බැසිල් එන දිනය වෙනස් වෙයි

ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබූ දිනය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එම දිනය සති කිහිපයකින් කල් ගොස් ඇති බවයි පැවසෙන්නේ.

05 වැනි දා ඔහු මෙරටට පැමිණෙන බවට මීට පෙර වාර්තා වී තිබුණත් පසුව එම වාර්තා වෙනස් වූයේ ඔහු 12 වැනි දා පැමිණීමට නියමිත බවට පවසමින්.

කෙසේ වෙතත් නවතම පුවත් ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව වෙත පැමිණීම සිදුවන්නේ මෙම මස අවසානයේ දී බව යි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 June 2021 18:41