May 12, 2024

නාමල් රාජපක්ෂ 2022 අගමැති වෙනවා - නමුත් කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව ප්‍රකට ජෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා සඳහන් කරනවා.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඒ මහතා මේ බව කියා සිටිනවා.

නාමල් රාජපක්ෂ මහතා උපන් වෙලාව අනුව එදින කිසිදු ඔහුගේ කිසිදු ග්‍රහයකු බලවත් ව නොසිටි බවත් බලපා ඇත්තේ අර්ධ කාල සර්ප යෝගයක් බවත් ඔහු පවසනවා.

නමුත් නාමල් රාජපක්ෂ මහතාට කිසි දිනෙක මෙරට ජනාධිපතිවරයා වීමට තරම් බලවත් ග්‍රහ යෝගයක් ඔහුගේ කේන්ද්‍රයේ පෙන්වන්නේ නැතැයිද විජේමුණි මහතා වැඩිදුරටත් පවසනවා.

තමා මේ පිළිබඳව අවුරුදු 05කට පෙර කියූ බවත් තමා ආවට ගියාට කිසිම දෙයක් නොකියන බවත් ඒ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂට ලැබීම අතින් වාසනාවක් ඇති බවත් ධනය හොඳින් හම්බ කිරීමට හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 07 June 2021 16:22