May 15, 2024

රත්ගමදී පාතාල ගැටුමක්? "කුපියා"ට වෙඩි තබයි

රත්ගම දේවපතිරාජ විද්‍යාලය අසලදි වු වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බව රත්ගම පොලිසිය පවසනවා.

විමර්ශනවලදි අනාවරණය වි ඇත්තේ ඊයේ (05) රාත්‍රි 8.15ට පමණ මෙම වෙඩි තැබිම වි ඇති බවයි.

කුපියා නැමැති අනවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු වෙඩි වැදි තුවාල ලබා ඇති අතර ඔහුගේ වම් උරහිසට වෙඩි වැදි ඇති බවයි පොලිසිය පැවසූවේ.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට සැකකරන බවද මොහු පාසල අසල රැදි සිටියදි යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

පරණ කොන්තරයක් මත තවත් කල්ලියක් පිරිසක් විසින් මෙම වෙඩිතැබිම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවද තම පුතුට වෙඩිවැදි ඇති බව දැන ගැනිමෙන් පසු රෝගාතුරව නිවසේ එක්තැන්ව සිටි තුවාලකරුගේ මවද ඊයේ (05) රාත්‍රියේ නිවස තුලදි මියගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කරනවා.

ඇය 72 හැවිරිදිවියේ පසුවන තැනැත්තියක් ද වන අතර ඇයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබෙනවා.

රත්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ගාල්ල - ලලිත් චාමින්ද 

Rate this item
(0 votes)