July 02, 2024

මනාප ගැටළු අවසන් 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් මනාප සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට හා එක්සත් ලංකා මුස්ලිම් කොංග්‍රසයට තිබූ ගැටළුව විසඳූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද පැවසුවේ ය.

ඒ හේතුවෙන් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අපෙක්ෂකයා ලෙස ප්‍රකාශ කළ පුද්ගලයා වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් පත් වූ බව ඔහු සඳහන් කළේ ය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල මනාප ප්‍රතිඵලය සම්බන්ධයෙන් මේ වනවිට එම පක්ෂ ද්විත්වයට ම ගැටළුවක් නොමැති බව වාර්තා වේ.

කොළඹ දිසිත්‍රික් මනාප ප්‍රතිඵල සටහන් කළ ලේඛණ සියල්ල ගෙනැවිත් අපේක්ෂකයන් ඉදිරියේ දී ම නැවත පරීක්ෂා කළ බවත් ඒ අනුව මුස්ලිම් කොන්ග්‍රසයේ වෙනත් අපේක්ෂකයෙක් පත් වූ බවත් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුනනේ ය. 

මනාප පතිඵල සටහන් කිරීමේ දී නිලධාරියෙක් අතින් යම් අතපසුවීමක් සිදු වීම හේතුවෙන් එම සිද්ධියේ වගකීම තමා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස භාර ගන්නා බව ඔහු පෙන්වා දුන්නේ ය.

මනාප ගැටළුව විසඳීම හේතුවෙන් සියළු පක්ෂවල මනාප ලේඛණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීමට යොමු කළ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 April 2014 16:53