May 11, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත පැමිණිය පසු කරන්න යන දේ ගැන නාමල් කියයි

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්වල තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ජාතික කණ්ඩායම විදේශ ගත තරඟාවලියකට හෝ ලංකාවේ තරඟාවලියකට සහභාගී වීමේදී ප්‍රධානම ඉලක්කය ජයග්‍රහණය කිරීම බවත් අත්දැකීම ගැනීම හෝ අත්හදා බැලීමටවත් තරඟවලට සුදානම් නොවිය යුතුයැයිද සඳහන් කළේය.

තේරීම් කමිටුව සහ ක්‍රිකට් පාලක කමිටුව සහ ක්‍රිකට් සංවර්ධනය මණ්ඩලය අතර සැලැස්මක් ඇති බවත් සියලු දෙනා ඒ සැලැස්ම විශ්වාස කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත පැමිණිමෙන් පසු පුහුණුකරුවා සහ නායකයා ඇතුළු තේරීම් කමිටුව, ක්‍රිකට් පාලක මණ්ඩලය සහ සංවර්ධන කමිටුව සමඟ එක්ව ඉදිරි පියවර පිළිබඳව කතා කිරීමට සුදානම් බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)