අද (26) දිනයේ උදා වූ පින්බර වෙසක් මංගල්‍ය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටර්රෙස් විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
එහිදී ඔහු විසින් පවසා තිබුණේ “මෙම වෙසක් දිනයේ දී සියලු දෙනාහට සාමකාමීව, අභිමානවත්ව මෙන්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කරගැනීම සඳහා අධිෂ්ඨාන කරගනිමු”ලෙසනි.
1999 54/115 යන යෝජනාව යටතේ වෙසක් දිනය ජාත්‍යන්තර වටිනාකමකින් යුතු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ටද ඓතිහාසික වටිනාකමක් ඇති අද (26) දිනය මෙරට ජනතාවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සැමරීම සඳහා සුදානම්ව සිටියි.