July 02, 2024

අතිරේක ලේකම් තනතුර දේශපාලනික පත්වීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ තනතුර දේශපාලනික පත්වීමක් බැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට දූෂණ චෝදනා 34ක්, වෛද්‍යවරුන් අතර ප්‍රශ්ණ ඇති කිරීමට කටයුතු කිරීම හා ඔහු  අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කිරීම දේශපාලනික පත් වීමක් හේතුවෙන් තම සංගමයේ විරෝධය ප්‍රකාශ කරන බව ඔහු පෙන්වා දෙයි.

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඔහුට හිමි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී නොකර වෙනත් තනතුරක රාජකාරී කිරීම සුදුසුකම් නොමැති බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසී ය.

මේ සම්බන්ධයෙන් තම සංගමය පසුගිය 25 වැනි දා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව තිබුණද එය ආසාර්ථක වූ බවත් ඉදිරි  දිනයක එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 

   

  

Rate this item
(0 votes)