July 02, 2024

ශ්‍රී පාද භූමිය අපවිත්‍ර වෙයි

සංචාරකයන් විසින් විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ශ්‍රී පාද භූමිය අවට පරිසරය දැඩි ලෙස විනාශ වී ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති.

වන්දනාකරුවන් විවිධ ප්ලාස්ටික් හා විවිධ අපද්‍රව්‍ය ශ්‍රී පාදස්ථාන පුන්‍ය භූමිය අවට පරිසරයට මුදා හැරීම හේතුවෙන් ඒවා ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු ව ඇති බව වනජීවි නිලධාරියෙක් සඳහන් කළේ ය.

අපද්‍රව්‍ය නිසි ස්ථානවලට බැහැර කර පරිසරය ආරක්ෂා කරන ලෙස පරිසරවේදීන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 April 2014 15:48