May 19, 2024

විදුලිබල සේවකයින් වර්ජනයකට සූදානමින්

තම ඉල්ලීම් නොදුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පවසමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 16ක් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ඉල්ලීම් මෙම මස 31 වැනි දාට පෙර ලබා දිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

සේවකයින්ගේ එන්නත්කරණ කටයුතු, වෛද්‍යාධාර ක්‍රමවේදයන්, දිරි දීමනා, කොවිඩ් ආසාදනය වී මියගියහොත් යැපෙන්නන් වෙත ප්‍රතිලාභ ගෙවීම, ඇතුළු තවත් කරුණු කිහිපයක් ඔවුන්ගේ මෙම ඉල්ලීම් අතරට අයත්වනවා.

මෙම මස 31 වැනි දාට පෙර මෙම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් පෙර දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම සංගම් අවධාරණය කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 May 2021 18:58