May 15, 2024

පොලිස් නිල ඇඳුම වෙනස් වෙයි - තොරතුරු හංගන අයටත් වැඩ වරදියි

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කෙරෙන මෙහෙයුම් ආදියට සහභාගීවන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි කැමරා සවි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

“බොඩි කැමරා” (Body Camera) නමැති මෙම කුඩා කැමරාවන් ඇතැම් බටහිර රටවල්හි පොලිස් නිලධාරීන්ගේ ඇඳුමෙහි සවි කොට තිබෙනවා.

මෙම කැමරා මගින් පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානයේ පිටත්ව යන මොහොතේ සිට සිදු වන සියළු දේ පටිගතවන අතර එමගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු තොරතුරක් වසන් කිරීමට නොහැකිවනු ඇති.

ශ්‍රී ලංකා පොලීසිය තුළ මෙවැනි කැමරාවන් භාවිත වීමට නියමිතව ඇත්තේ පළමු වරට යි.

මේ අතර මෙම කැමරා පද්ධති ලබා දීමට චීන රජය එකඟ වී ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

Rate this item
(1 Vote)

Related items