May 11, 2024

පෝට්සිටි රැකියා දිය යුතු අය ගැන ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්

කොළඹ වරාය නගරයේ රැකියාවලින් අවම වශයෙන් සියයට 75ක්වත් මෙරට තරුණ තරුණියන්ට හිමිවිය යුතු බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

කොළඹ වරාය නගරයෙන් නව රැකියා අවස්ථා 83,000ක් පමණ උදාවන බවත් මෙරට තරුණ තරුණියන්ට එම රැකියා අවස්ථාවලින් සියයට 75ක්වත් හිමිවිය යුතු බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කොළඹ වරාය නගරයේ වැඩ කිරීමට හැකි දක්ෂතා ඇති තරුණ තරුණියන් මෙරට සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දීතිබේ.

Rate this item
(2 votes)