May 17, 2024

වරාය නගර කෙටුම්පතේ තියෙන්නේ වෙනම කලාපයකට අයත් නීති සමුදායක් - අනුර කුමාර දිසානායක

වරාය නගර පනත් කෙටුම්පතේ තිබෙන්නේ වෙනම කලාපයකට අයත් නීති සමුදායක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ඒ සඳහා වූ උදාහරණද පෙන්වා දෙමින් කතා කළ මන්ත්‍රීවරයා ඇතැම් මෙරට නීති එම කලාපයට අනුගත කර ඇති බවත් , තවත් නීති වලින් නිදහස් කොට ඇති බවත් , බොහෝ නීති එම කලාපයේ වෙනුවෙන් ඉතා ලිහිල් කොට ඇති බවත් සඳහන් කරයි.

මෙම පනතින් පාර්ලිමේන්තුවට මධ්‍යගත නොවන පනත් හතක් තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වරාය නගර භූමි ප්‍රදේශය එම පණක් 7 ට බැඳීමක් නැති බව ද සඳහන් කරයි.

එම පනත් රටේ මූල්‍ය ක්ෂේත්‍රය හා බැදි බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා තවත් පනත් 14ක් කොමිසමට අවශ්‍ය ආකාරයට සංශෝධනය කළ හැකි ආකාරයට බලය පවරා තිබෙන බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 14:45