May 15, 2024

සෞඛ්‍ය නීති කඩන්නන් අල්ලන්න අලුත් ක්‍රමයක්

පවතින වසංගත තත්ත්වය හමුවේ රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නීති කඩ කරන්නන් පිළිබඳව දැනුම් දීම සඳහා මහජනතාව වෙත නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පොදු ප්‍රවාහනය ආදියේ දී සිදුවන සෞඛ්‍ය නීති කඩ කිරීම් ආදිය පිළිබඳ පැමිණිලි කිරීම මෙම දුරකතන අංකය ඔස්සේ සිදු කළ හැකියි.

072 5 111 555 එම අංකය යි.

මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ සහ වෙනත් කුලී රථ ඇතුළු සියළු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් සහ රිය සහයකයන් සෞඛ්‍ය නීති රීති පිළිපැදීම අනිවාර්යය බවත් එම සෞඛ්‍ය නීති නොපිළිපදින පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැනුම් දීම මහජනතාව සතු වගකීමක් බවත් පොලීසිය සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 08:45