July 02, 2024

දැන් සිංගප්පූරුවට 

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් සිංගප්පූරුව බලා යාමට ත්‍රිකුණාමලය ඇතුල්වරාය මාර්ගයේ තිලෝනාවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටි පුද්ගලයන් 21 දෙනෙක් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සියළු පුද්ගලයින් පිරිමි බවත් 20 දෙනෙක් දෙමළ ජාතිකයින් බවත් වාර්තා වේ.

එක් පුද්ගලයෙක් මුස්ලිම් ජාතිකයෙක්වන අතර එම පිරිස ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අදාල පිරිසෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000 බැගින් එම ගමන යාම සඳහා අත්තිකාරම් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අමදෝරු අමරජීව 

Rate this item
(0 votes)