July 02, 2024

අගලවත්ත කොල්ලයට 06ක් කොටු

අගලවත්ත ප්‍රදේශයේ පුද්ගලික ලීසිං ආයතනයක් අසලදී මුදල් රැගෙන පැමිණි වෑන් රථයකින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු ඇතුළු හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධියට අදාලව එම මුදල් රැගෙන පැමිණි වෑන් රථයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, එම කොල්ලයට සම්බන්ධ යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් තිදෙනා එම වෑන් රථයේ ආරක්ෂාව පැමිණි ආරක්ෂකයින් තිදෙනා බව අනාවරණ වී තිබේ.

එම වෑන් රථයේ තවත් රුපියල් ලක්ෂ 42ක මුදලක් තිබී ඇති අතර පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදු කරයි.

ඊයේ (01) පෙරවරු 11.45 ට පමණ අගලවත්ත ලීසිං ආයතනය ආසන්නයේදී  රුපියල් ලක්ෂ 50 ක මුදලක් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කොල්ල කා පලාගොස් තිබිණි.  

මුහුණු ආවරණ පැළඳි දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවත් මතුගම පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 April 2014 13:53