May 19, 2024

පොලීසියට බැඳෙන්න සිටි අයට නිවේදනයක්

ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

මේ අනුව 2021 මැයි 15, 16 යන දිනයන් හි පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත නව නිලධාරීන් පුහුණුව සඳහා වන කැඳවීම තාවකාලිකව අවලංගු කිරීමට යි තීරණය කොට ඇත්තේ.

එමෙන්ම ආධුනික පොලිස් කොස්තාපල්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල් හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා 1,010 දෙනෙකුට කැඳවීමේ ලිපි යොමුකර තිබුණත් රටෙහි පවත්නා අවධානම් තත්ත්වය හමුවේ එම බඳවාගැනීම් නැවත දැනුම් දෙන තෙක් අවලංගු කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එම පිරිස මැයි 15 හා 16 යන දිනවල කළුතර, නිකවැරටිය, බොරලන්ද හා මහියංගනය යන පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත පුහුණු බඳවා ගැනීමට නියමිතව තිබුණා.

Rate this item
(0 votes)

Related items