July 02, 2024

ලංකාවේ වසරකට ඔටිසම් රෝගී දරු උපත් 4000ක්!

ලෝක ඔටිසම් දිනය අදට (02) යෙදී තිබේ. 

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා සෑම නිවසකම නිල් පැහැති විදුලි බුබුළක් දල්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

මනෝ වික්ෂිප්තතා රෝගය හෙවත් ඔටිසම් රෝගය මොළයේ අසාමාන්‍ය වර්ධන තත්ත්වයන් හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි.

ලොව සෑම පුද්ගලයින් එකසියහැටකගෙන් එක් අයෙකුම ඔටිසම් රෝගයෙන් පෙළෙන බව සමීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම රෝගී තත්ත්වය බහුල වශයෙන් පිරිමි දරුවන් අතර පවතින බව ද ලංකාවේ වසරකට ඔටිසම් රෝගය වැළඳුනු දරුවන් 4000ක් පමණ උපදින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මිථ්‍යා විශ්වාස හේතුවෙන් මෙම දරුවන්ට ප්‍රතිකාර කිරීම ප්‍රමාද නොකොට එම දරුවන් විධිමත් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තුළින් ඔවුන් සතු සුවිශේෂී දක්ෂතා ඉස්මතු කළ හැකි බව එම අමාත්‍යාංශය කියයි.

 (සුදේෂ් කරුණාතිලක -බහරේන් )

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 April 2014 14:17