July 02, 2024

ඔස්ට්‍රේලියාවෙන් "බේ ක්ලාස් " එයි

ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාට ලබාදීමට පොරොන්දු වු "බේ ක්ලාස් " වර්ගයේ මුර සංචාරක යාත්‍රාවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔස්ට්‍රේලියානු කෙයාන් නගරයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දී තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධි සංක්‍රමණ වළක්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. 

අනවසර සංක්‍රමණ වැළැක්වීමේ හා සාගරික ආරක්ෂා ක්‍රියාමාර්ග තවඳුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්  "බේ ක්ලාස්" වර්ගයේ මුර සංචාරක යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නාවික හමුදාවට ලබාදීමට ඔහු පොරොන්දු වී තිබිණි.

එහි ප්‍රථම අදියර ලෙස මෙම මුර සංචාරක යාත්‍රාව නාවික හමුදාවට ලබා දුන් අතර, එම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂා විධානයේ හා ඔස්ට්‍රේලියානු රේගුවේ නිළධාරීන්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ, ශ්‍රි ලංකා නාවික හමුදාපති සහ මෙරටට ලබාදුන් නව යාත්‍රාවේ ශ්‍රි ලංකා නාවික හමුදා කාර්යය මණ්ඩලයද සහභාගි වුහ.

මෙලෙස ප්‍රධානය කරනු ලබන යාත්‍රාවන් අනවසර ජාවාරම් මැඩලීම සඳහා ඉදිරියේදී භාවිත කිරීමට අපේක්ෂා කරන බවත් එම යාත්‍රා සතු වේගය, ආවරණය කළ හැකි දුර ප්‍රමාණය සහ ඒවා සතුව ඇති ආවේක්ෂණ පද්ධතිය මෙම මෙහෙයුම් ඉතාමත් සාර්ථක කරගැනීමට මහත් සේ උපකාරී වනු ඇති බවත් ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

Rate this item
(0 votes)