May 12, 2024

“හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේකෙද ඉන්නේ“ - නාමල් රාජපක්ෂ හදිසියේම හරීන් ඉන්න රෝහලට යයි (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නවලෝක රෝහලට පැමිණ තිබේ.

ඇමැතිවරයා රෝහලට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් විමසා සිටියේ අමාත්‍යවරයා පැමිණියේ හරීන් ප්‍රනාන්දු මහතාගේ දුකසැප බැලීමටද යන්නය.

ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ තමන් පැමිණියේ වෙන මිතුරෙකුගේ දුක සැප විමසා බැලීමට බවත්, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහි සිටින බවක් තමන් නොදන්නා බවත්ය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍ර්‍රනාන්දු මහතා යමක් දන්නේ නම් එය රටට අනාවරණය කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)