July 01, 2024

කොළඹ මනාප අමනාප වෙයි

මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයන්ගෙන් කොටසක් සිය මනාප වැරදි බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා සහ අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සිය පක්ෂවල අපේක්ෂකයන් සියලු දෙනා ම සමග පැමිණ, මැතිවරණ කොමසාරිස්වරයාට මේ පිළිබඳව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව, මීට හේතු වී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් දැනටමත් කටයුතු යොදා ඇති අතර, බදාදා (02) වන විට ඒ ගැන අවසන් නිගමනයකට එළඹීමට නියමිතව තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලු පක්ෂවල පරාජිත අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තු ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇත.

Rate this item
(0 votes)