May 19, 2024

ගෙදර සෑදූ මල් වෙඩිල්ල අතේ පත්තු වෙයි! සහෝදරයින් දෙදෙනා රෝහලේ

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක මල් වෙඩිල්ලක් සෑදීමට යාමේදි සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පැවසීය.

කිසියම් අත්හදා බැලීමක් සිදු කිරීමට යාමේ දී මෙම පිපිරීම සිදුවූයේ දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අවුරුදු සමයේ අලෙවි කිරීමට ගෙනා රතිඤ්ඤා එකතු කර යකඩ බටයක් ආධාරයෙන් මල් වෙඩිල්ලක් සෑදීමට යාමේදී මෙම පිපිරීම සිදුවූ බව ඔවුන් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පිපිරීමෙන් මල්ලීගේ දැත්වලට දැඩි හානි සිදුව ඇති බවත් අයියාගේ අතැඟිලිවලට දැඩි තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වූවද මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.

Rate this item
(0 votes)

Related items