April 27, 2024

“ඇමති එක්ක බැහැ” කියා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි - විශේෂ ලියුමකුත් යවලා Featured

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සේවය කළ නොහැකි බව පවසා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා විසින් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් බාර දෙමින් ඊයේ (20) දිනයේ දී ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

විවිධ අපහසුතා සහ දුෂ්කරතා මධ්‍යයේ වූවද තමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් සාර්ථකව වැඩකටයුතු කළ බවත් එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ විවිධ බලපෑම් හමුවේ ඇතැම් කටයුතු සාර්ථක කරගත නොහැකි වූ බවත් ඔහු සිය ලිපිය මඟින් අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබේ.

ඔහුගේ ක්‍රියාකලාපයන් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිතර වෙන පුද්ගලයෙකු ලෙස තමන්ට පිළිගත නොහැකි බවද සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ  ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාය.

රේණුක පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍යරයා වෙත යැවූ ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 09:08