July 01, 2024

සහල් මිලේ අර්බුධයක්

අළුත් අවුරුදු උත්සව සමයේ ලංකා සතොස මගින් අලෙවිකරන සහල්වල මිල ගණන් මේවන විට ඉහළ ගොස් ඇති බවත් ඇතැම් සහල් වර්ග මිලදී ගැනීමේදී අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගත නොහැකි බවත් වාර්තා වේ.

ඒ අනුව ලංකා සතොස මගින් අලෙවි කරන නාඩු කිලෝ 1ක මිල රුපියල් 55 සිට 68 දක්වාද, රතු කැකුළු රුපියල් 52 සිට 60 දක්වාද, සම්බා රුපියල් රුපියල් 70 සිට 75 දක්වා ඉහල ගොස් ඇති බවත් නාඩු සහල් මිලදී ගත හැක්කේ කිලෝ 20ට වඩා අඩුවෙන් බවත් පාරිභෝගික ජනතාව චෝදනා කරති.

අප මේ සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මේවන විට සහල් මිල වැඩි වීමක් සිදු කර නොමැති බවත් රජය මගින් පනවා ඇති මිල ගණන් වලට පමණක් සතොස මගින් සහල් අලෙවි කරන බවත්ය.

අළුත් අවුරුදු උත්සව සමයේ සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සතොස, කෝප් සිටි, මිනි කෝප් සිටි හරහා අලෙවි කරන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)