July 01, 2024

අමෙරිකා - ශ්‍රී ලංකා මාණ්ඩලික වැඩමුළුව ඇරඹේ

අමෙරිකා එක්සත් ජනපදය පැසිපික් ආඥා බල ප්‍රදේශ මුලස්ථානය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය එකාබද්ධව සංවිධානය කරනු ලබන “ටෙම්පස්ටි එක්ස්ප්‍රස් - 24“ මාණ්ඩලික වැඩමුළුවේ සමාරම්භක උළෙල 2014 ඊයේ 01 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ජගත් ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ ගලධාරි හෝටලයේදි ආරම්භ විය.

මෙම වැඩමුළුව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරි 23 දෙනෙකු ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුලු විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නිළධාරින් 22 ක් ද, වියට්නාමය, කැනඩාව, බංගලාදේශය, ඔස්ටේලියාව, පිලිපීනය, නවසීලන්තය, නේපාලය, මාලදිවයින, කාම්බෝජය, ඉන්දුනීසීයාව, මලයාසියාව, මොංගෝලියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 26 දෙනෙකු සහභාගි විය.

දින 09 ක් පුරා පවත්වන මෙම සමුලුවේ ආරම්භක දේශනය අමෙරිකා එක්සත් ජනපද පැසිපික් අඥා කණ්ඩායම් නියෝජිත‍ පෙටී ඩී පේලීස් මහතා විසින් සිදු කළේ ය.

 

Rate this item
(0 votes)