May 12, 2024

නොදන්නා කතා කියන්නේ නැතුව එන්න මගේ හන්තානෙ ඉඩමට - කිරිඇල්ලගෙන් ජනපතිට ආරාධනයක් (VIDEO)

හන්තානේ පිහිටි තමාගේ ඉඩමට එන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ මන්ත්‍රීවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ ආරාධනා කොට තිබේ.

පසුගිය ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකුට හා ඔහුගේ පවුලට අයත් හන්තානේ ඉඩම පිළිබඳව කිසිවෙකුත් අඬන්නේ නැති බව තමන්ගෙ නම නොකියා ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා ජනපති එසේ ප්‍රකාශ කර තිබෙන්නේ තමන් ගැන බව සඳහන් කරයි.

ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ තමන්ගේ හන්තාන ඉඩම පිළිබඳව කවුරුත් හඬන්නේ නැත්තේ එහි වන විනාශයක් සිදුව නොමැති නිසා බව අවධාරණය කරයි.

හන්තානේ තමන්ගේ ඉඩමේ වන විනාශයක් සිදු වූයේ නම් මේ වන විට පරිසරවේදීන් හා මාධ්‍යවේදීන් එතනට පැමිණ ඒ ගැන කතා කරන බව ද එසේ නොකරන්නේ හන්තානේ තමාගේ ඉඩමේ වන විනාශයක් සිදු නොවූ නිසා බවද පෙන්වා දෙයි.

එනිසා එතැනට පැමිණ වන විනාශයක් සිදුව තිබෙනවා දැයි සියැසින්ම දැක බලා ගන්නා ලෙස තමා ජනපතිවරයාට ආරාධනා කරන බව කිරිඇල්ල මහතා සදහන් කළේ ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 10:05

Related items