July 01, 2024

හිටපු මහ ඇමතිවරු දෙදෙනා නැවත මහ ඇමති වෙයි

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීමෙන් වැඩිම මනාප ලබාගත් හිටපු මහ ඇමතිවරුන් දෙදෙනාටම මෙවරද මහ ඇමතිධූරය ලබාදීමට ඊයේ(01) රාත්‍රී රැසුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා මහතා ලබන 04 වැනි දා දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

{module LOLC}

පසුගිය 29 වැනි දා පැවති 2014 බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී මනාප 249,678 ක් ලබා ගනිමින් ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයටද, ශාන් විජයලාල් මහතා මනාප  95,860 ක්ද ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයටද තේරී පත්විය.

දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ප්‍රසාද මන්ත්‍රීධූරවලට සභිකයින් නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් නවුසර් ෆවුසිද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලලන්ත ගුණසේකර ද පත්කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 April 2014 13:33