May 12, 2024

‘‘දෙවැනි වරටත් ජනපතිවරණයට එනවාද නැද්ද" තීරණය කරන හැටි ජනපති කියයි

මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමට බවත් මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණක් බැවින් තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටින බවත් කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බවත් අවධාරණය කළේය.

ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට ලැබුණු කාලයේදී කළ යුතු දේවල් කළ යුතුයැයිද ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේදී ඊයේ (20) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“දැන් තමුන්වහන්සේලා දන්නවානේ මම එනවා කිව්වමත් පාර හැදෙනවා එක් කොච්චර ලොකු දෙයක්ද. දැන් මාව තමුන්වහන්සේලා පත්කළේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගානක්. ඉතින් සමහර අය මම ආයෙත් එන්නෙ නැහැ කිව්වා කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවන තේරුවේ. ඉස්සෙරලා මට දීපු 60 වැඩ කරලා පෙන්න ඕනේ නේද හාමුදුරුවනේ ඊට පස්සේ තමයි ඉතුරුවා හිතන්නේ. මගේ අවශ්‍යතාවය මේ මාස 60 තුළ විශේෂයෙන්ම අපේ ගම්මාන දියුණු කිරීම. හැමදාම නගරයට විතරක් වැඩ කරන්න බැහැ. අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට වැටිලා. දැන් මේ   පාරවල් පටු නිසයි ඒ බස් වේගයෙන් යනවා. හැබැයි පාරවල් පටුයි. මම කවදාවත් පරිසරය විනාශ කරලා නැහැ. උද්‍යාන හැදුවා, ජලාශ හැදුවා, තෙත්බිම් ආරක්ෂා කළා. මේ කොළඹ නගරයේ, පිළියන්දල, කැස්බෑව මේවා තමයි පරිසරය හැදෙනවා කියන්නේ. කුණු ඉවත් කළා.  අපි විහාර මහාදේවි උද්‍යානය හොඳට හැදුවා. ඊයේ ඒකේ විශාල බිල් බෝඩ් එකක් ගහලා රූපවගයක් ඇඳලා. ඒකෙන් පරිසරය විනාශ කරනවා. මම කොළඹ පෝස්ටර් ගහන එක නැවැත්තුවා." 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 March 2021 07:59