July 01, 2024

හොර නෝට්ටු සමඟ යුද හමුදා සෙබලා කොටු

රුපියල් ලක්ෂ 27ක් වටිනා රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 520ක් හා රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක් සමග යුද හමුදා සෙබළෙකු  අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පවසයි. 

30 හැවිරිදි බෙරගල බලසේනා මූලස්ථානයේ සේවය කරන සැකකාර හමුදා සෙබළාගේ කෑගල්ල, පල්ලේගම, අහස්ලියැද්ද ප‍්‍රදේශයේ පිහිටි නිවසේ තිබී මෙම මුදල් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. 

එසේම නිවසේ තිබී මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවේ අනුක්‍රමික අංකය R/21 392082 ලෙසද, ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවේ අනුක්‍රමික අංකය S/37 686138 වන බවද පොලීසිය පැවසී ය.

මෙවැනි නෝට්ටු හමුවුණහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 April 2014 17:29