July 01, 2024

එල්.ටී.ටී.ඊ හිතවාදී සංවිධාන තහනම් කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ශී‍්‍ර ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 15 ක් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් යෝජනාවකට අනුව මෙම සංවිධාන තහනම් කර ඇති බවත් එම සංවිධාන සමඟ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ පියවර ගැනීමටද හැකිවන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ ය.

ඒ අනුව වී. රුද්‍රකුමාරන් විසින් පවත්වාගෙන යන කල්පිත ඊළාම් රාජ්‍යයයක් සඳහා වූ සංවිධානය හෙවත් ටී.ජී.ටී.ඊ., ලෝක දෙමළ සංසදය, බි‍්‍රතානය දෙමළ සංසදය ඇතුළු විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ. ය ඇතුළු සංවිධාන 15 ක් මෙලෙස තහනම් කර ඇත.

මෙම සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ද ඒවා එම රටවල තහනම් කිරීමට හැකියාවක් ඇති බව  හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා අවධාරණය කළේ ය.

 

Rate this item
(0 votes)