July 01, 2024

අධ්‍යාපනයේ විවේචන දේශපාලනිකයි 

අධ්‍යාපනයේ දැවැන්ත හැරවුමක් ආරම්භ කර තිබෙන අවස්ථාවේ නොයෙක් විවේචන, චෝදනා එල්ල වුවත් එය අධ්‍යාපනය සම්පුර්ණයෙන් අමතක කළ සරල මතුපිටක සිදු වන දේශපාලනික විවේචන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (31) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපඥ සේවයේ පළමු පන්තියට උසස් වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන තුළින් විභාගය සමත් ජීවිතය අසමත් දරුවෝ බිහිවීමෙන් ඇති වන සමාජ අර්බුදය වැළැක්වීම සඳහා ජීවිතය සමත් දරුවන් දැයට දායාද කිරීම සඳහා මහින්දෝදය පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීම, උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව ආරම්භ කිරීම, යනාදී  දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන් එකම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

එදා ශ්‍රී ලංකාවටත් වඩා ඉතා පහළ මට්ටමක සිටි කොරියාවේ 1968 දි තාක්ෂණය පිළිබඳ විෂය 6 ශ්‍රේණියේ සිට ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට පිරිස් කොරියන් භාෂාව ඉගෙන ගෙන එරට රැකියා සඳහා යන තත්ත්වයට පත් වී සිටින බවත් මෙරට අකුරු පමණක් උගත් පිරිසක් නිර්මාණය කිරීමේ ‍‍ඛේදවාචකය ඉවත් කර ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 April 2014 16:05