July 01, 2024

අත්අඩංගුවට ගත් සහල් පොලීසියේදී උස්සලා

මැතිවරණ සමයේදී නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයෙකු බෙදූ සහල් තොයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සහල් වලින් කොටසක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාලව වැල්ලම්පිටිය පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අජිත් සුබසිංහ මහතා පසුගියදා පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී නීති උල්ලංඝණය කරමින් ඡන්ද දායකයින්ට සහල් බෙදීමට කටයුතු කර තිබූ බවත් එම සිද්ධියට අදාලව ලැබුණු පැමිණිල්ලක් මත එම සහල් තොගය අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට පැවසූවේ වැල්ලම්පිටිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමක් සිදු කර නොමැති බවයි.

Rate this item
(0 votes)