July 01, 2024

උද්ධමනය පහළට 

2014 පෙබරවාරි මස පැවති උද්ධමනය සියයට 6.0 සිට 2014 මාර්තු මාසයේ දී සියයට5.7 දක්වා සියයට 03 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දේ.

ආහාර නොවන ඛාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් සුළු වශයෙන් ඉහළ යාම 2014 මාර්තු මාසයේ දී උද්ධමනය පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ සෙසු ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ දෛනික ගෘහ නඩත්තුව, ප්‍රවාහන සහ සන්නිවේදන යන උප ඛාණ්ඩවල මිල ගණන් මාසය තුළ නොවෙනස් ව පැවැති බව එම මහ බැංකු වාර්තා පෙන්වා දේ.

පෙබරවාරි මාසයට අදාල ව 2014 මාර්තු මාසයේ දී ආහාර ඛාණ්ඩය තුළ රතු ළූණු, ලොකු ළූණු, අර්තාපල්, බොහෝ එළවළු වර්ග සහ නැවුම් මත්ස්‍ය වර්ගවල මිල ගණන්වල පහළ යාමක් වාර්තා වුව ද කිරිපිටි, තේ, බිත්තර, චීස්, බටර්, මාගරින් සහ ඇතැම් පළතුරු වර්ග සහ අමුමිරිස් ආදියෙහි මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇත.

Rate this item
(0 votes)