June 22, 2024

විමල්ව ජවිපෙන් ගැලෙව්වේ බැසිල්! පොරක් කළෙත් බැසිල් - අවශ්‍යනම් ඉවර කළ හැක්කෙත් බැසිල්ටයි

February 09, 2021

විමල් වීරවංශ අමාත්‍යවරයා හා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන ගැටුම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා තැබූ සටහනකි මේ. 

එම ෆේස්බුක් සටහන පහතින්,

---උපුටා ගැනීම---

මල් මල් විමල්

විමල් දක්ෂ වේදිකා කතිකයෙකි. ඒ ඔහුගේ කටට බ්‍රේක් නැති නිසාය. කටකම සෙයිවාවක් නැති නිසාය. එහෙත් විමල් වේදිකා තනන්නෙකු නොවේ. ඔහු හැමදාම කතිකයා වන්නේ අනුන් හදන වේදිකාවලය.
ඒ වේදිකාවල සිට නිතරම ගේම ඉල්ලන්නෙ වේදිකාව හැදූ අයට එරෙහිවමය. වරක් UNA එක සමගත් ගේමක් ඉල්ලා නිකම් සවුත්තු විය. ඔහු දීර්ඝ කාලීනව ගේම ඉල්ලා සිටින්නේ බැසිල් රාජපක්ෂ සමඟය. ඒ බැසිල් සැබෑ වේදිකා තනන්නෙකු නිසාය.
විමල්ව JVP න් ගැලෙව්වේත් බැසිල්ය. විමල්ව පොරක් කලෙත් බැසිල්ය. බැසිල්ට උවමනා නම් තමාව ඉවර කළ හැක්කේත් බැසිල්ටම බව විමල් දන්නවාය.
දෙවැනි කරුණ විමල්ගේ 2015 සැලසුම අවලංගු කලේ බැසිල් ම බව විමල් දන්නා නිසාය. 2015 මැතිවරණයේ දී විමල්ලා උපදෙස් දී තිබුණේ බැසිල් මීළඟ අගමැතිවරයා වීමට ඉඩ ඇති බැවින් ඔහු හැකිතාක් ඈතින් තබා මැතිවරණය කල යුතු බවටය. එහෙත් පරාජයෙන් පසු එහි වගකීම පැවරුවේද බැසිල්ටය. මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම සඳහා ජානක බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලාමේන්තුවෙන් ඉල්ලා අස්වූ පසුත් එම ගමන නැවැත්තුවේ විමල්ලාය. මහින්දට විමල්ලා දුන් උපදෙස දේශපාලනයෙන් නම්බුකාර ලෙස සමුගන්නා ලෙසය.
‘මහින්ද සුළඟ’පටන් ගත්තේ මහින්ද බලයට ගෙන ඒමට නොව ඔහු සංකේතය කරගෙන විමල්ට රජවෙන්නටය. මේ බව හරියටම බැසිල් රාජපක්ෂ තේරුම් නොගත්තා නම් එතැනින්ම රාජපක්ෂ දේශපාලනය අවසන්ය.
බැසිල් රාජපක්ෂ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කලේ ඒ නිසාය . ඊට හරහට සිටියේද විමල්ගේ කණ්ඩායමය. එම දේශපාලන ව්‍යාපාරය යෝධ එකක් බවට පත්වන විට එහි ඉදිරියෙන්ම සිට ගනිමින් ලකුණු දාගත්තේ ද විමල්මය.
විමල් ගේම ඉල්ලන විට ඒ දැවැන්තම ආයතන සහ පුද්ගලයන් තෝරා ගන්නේ තම ජනප්‍රියභාවය ඉහලටම පත්වන්නේ එවිට බව මාධ්‍යකරුවෙක් ලෙස ඔහු දන්නා නිසාය.
20 වැනි සංශෝධනය ගෙන ආ විට එය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ බලය අහිමි කිරීමක්යැයි කියූ විමල් දැන් කියන්නේ ඔහුට පොහොට්ටුවේ නායකත්වයෙන් ඉවත්වන්නට කියාය.
ඒ රාජපක්ෂවරුන් අතර විරසකයක් ඇතා කිරීමටය. එසේ නොවේනම් මේ කතාව වඩා සමීප වන්නේ සහබුද්ධික දේශපාලන කතාවකට වඩා තනමල්විල මල් කතාවකටය.
රාජපක්ෂවරු දේශපෙලනයෙන් හුදෙකලා කිරීමට ලේසි නැති බව විමල් හොදාකාරවම දනී. බැසිල් සමඟ ගේම ඉල්ලීමේ අවසන් ප්‍රතිඵ්‍ලය ද ඔහු හොදාකාරවම දනී. කිසිකවර කලකත් පොහෙට්ටුව ඇල්ලීමට තමන්ට නොහැකි බවත් විමල් දනී.
එය එසේනම් රාජ්‍ය නායකයා කෙසේ වෙතත් අගමැතිවරයා වීමටවත් ඇති ඔහුගේ සිහිනයට යා හැක්කේ කෙසේද? (20 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලය අඩුවීමට ඔහු විරුද්ධ වූයේත් මේ නිසාය)
ඔහු දකින ආකාරයට ස.ජ. බ. යෙහි සජිත් සහ චම්පික අතර ඇත්තේ විශාල කරගයකි. ඒ නිසා ඉන් මොකා ජනාධිපති අපේක්ෂකයා වුවද අනෙකාට අගමැතිකම දෙන්නේ නැත. එමෙන්ම ප්‍රගතිශීලී පෙරමුණේ ද සහය ඇති සිංහල බෞද්ධ නායකයකුගේ අවශ්‍යතාවක් ඊට ඇති බවත් චම්පිකට වඩා ඊට සුදුස්සා තමා බවත් විමල්ගේ ගනන් හැදිල්ලය. විමල් ආණ්ඩු පක්ෂයේ විපක්ෂ නායකයාගේ භූමිකාවට අදින්නේ ඒ නිසාය.
ඒ කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ලෙස අපට විමල්ට කීමට ඇත්තේ මෙපමණය. “ඔබේ කෙරුවාව තවදුරටත් මෙසේනම් ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කිරීමට දැන්ම සිටම සූදානම් වෙනු” කියාය. සුභ ගමන් විමල්

---උපුටා ගැනීම අවසන්---

Rate this item
(0 votes)