May 10, 2024

පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාට එරෙහිව පියවර ගන්නවා - ජනපති ජාතිය අමතමින් කියයි Featured

February 04, 2021

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හා ඊට අනුබල දුන් සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බව 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්ව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට සහ මහබැංකු වංචාව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය  කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවය.

ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කරනු ලැබීය.

අනතුරුව ජනාධිපති උත්තමාචාර පළ කෙරුණු අතර, එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමිණි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආරම්භ කරනු ලැබුවේ පෙරවරු 8.46ට පමණය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 February 2021 09:40