May 10, 2024

ඇමති නාමල් කියූ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීන්දුවකට සැරසෙයි - ක්‍රිකට් ආයතනයේ මුල්පුටු සාමාජිකයන්වත් හමුවෙයි Featured

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදි අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව, දේශිය සහ පළාත් තරඟාවලියන් පිළිබඳවත්, විනය හා යෝග්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු දේවල් පිළිබඳවත්, කාර්ය සාධනය මත පදනම් වූ ගිවිසුම් ගත වීම් පිළිබඳවත් සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සමඟද සාකච්ඡා පවත්වා තිබේ.

පසුගිය 16 වෙනිදා කළුතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් අසතුටින් සිටින බවත් එංගලන්ත සංචාරය නිමා වූ පසුව දැඩි තීන්දුවක් ගන්නා බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 January 2021 09:13