May 11, 2024

"මං නිර්මාංශයි : හරක් මස් ෆැක්ටරි කතාව මඩක් - ඒ ෆැක්ටරියේ නිර්මාංශ ආහාරත් හදනවා" - නාමල්

December 19, 2020

කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන දේ පිළිබඳව විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.

දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”

Rate this item
(2 votes)