May 13, 2024

නූතන යුගයට ගැළපෙන නව ක්‍රීඩා පනතක් ලබන වසරේ - නාමල්

December 05, 2020

ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කර නොගත යුතු බව ‍ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තමා ක්‍රීඩා සංගම් අතුරුකමිටු පත් කිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා කවුන්සිලයට මෙන්ම ජාතික තේරීම් කමිටුවත් දැනුවත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ක්‍රීඩා සංගම්වල නිලධාරීන් අතර තිබෙන කඹ ඇදීම් වලට ක්‍රීඩකයන් පලි නැති බවද පෙන්වා දෙන රාජපක්ෂ මහතා නිලධාරීන්ගේ මෙම කඹ ඇදීල්ලෙන් ක්‍රීඩකයන්ට බලවත් අසාධාරණයක් සිදුව තිබෙන බව ද අවධාරණය කරයි.

මේ සියලු ප්‍රශ්න වලට තිබෙන එකම විසඳුම ක්‍රීඩා පනත නූතන යුගයට ගැලපෙන ආකාරයට යාවත්කාලින කිරීම බවද පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රීඩා පනතක් සම්බන්ධයෙන් කෙටුම්පත මේ වන විට අධිකරණ ඇමති අලි සබ්‍රි මහතාට භාර දී තිබෙන බවද නව වසරේදී නව ක්‍රීඩා පනතක් හඳුන්වා දෙන බවද  අනාවරණය කරන ලදී.

එහිදී මූල්‍ය හා පරිපාලනයේ විනිවිදභාවය මෙන්ම ක්‍රීඩකයන්ට පුහුණුවීම් කටයුතු කිරීමේ විනිවිදභාවය ද තිබිය යුතු බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (5)  විපක්ෂයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 11:51