May 13, 2024

නාමල් සභාව අමතයි - තරුණයන් ලක්ෂ 8 හමාරකට රැකියා දෙන අයුරු කියයි

December 04, 2020

සිය ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක් නොවීම නිසා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද (04) කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාද වලට එක්වන ලදී.

මෙරට සමස්ත විරැකියා ලාභීන් අතර 8 හමාරක තරුණ පිරිසක්ද සිටින බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ විශේෂ අවධානය යොමු කරන බවද පෙන්වා දෙන ලදී.

ඒ සඳහා රටේ ආයෝජන තර කිරීමට වත්මන් රජය ‍ක්‍රියා කොට තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස හම්බන්තොට වරාය ආශ්‍රිතව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ආයෝජනයක් සිදු වන බවත් ඉන් 2000කට පළමු අදියරේ ම රැකියා අවස්ථා ලැබෙන බව ද සඳහන් කරන ලදී.

එහි දෙවන පියවර සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා සිදු කරමින් තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මේ කර්මාන්තශාලා සැබෑ ලෙසම ඉදි කෙරෙන බවත් එය පසුගිය රජයේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආකාරයේ කර්මාන්ත ශාලාවක් නොවන බව ද පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 December 2020 12:50