June 22, 2024

බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

December 02, 2020

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (02) ඉවත් කලේය.
 
දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ට සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ චෝදනා කර නඩුපවරා තිබේ . විදෙස් ගමන් තහනම එම නඩුවේ එක් ඇප කොන්දේසියක් විය .
 
ජනාධිපති ගෝඨාභය මහතා විසින් පත් කර ඇති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්‍ය් සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවත් එහි රාජකාරිකාරිමය කටයුතු සදහා තම සේවාදායකයාට විදේශ ගත විමටසිදු වන හෙයින් මෙම නඩුවට අදාළ විදේශ ගත වීමේ තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමින් අද (02) මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය .
 
එම නඩුව කැදවු අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එම තනතුරට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් ද මහාධිකරණය හමුවට ඉදිරිපත් කලේය. 2021මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේ කොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ විදේශ ගත වීමේ තහනම ඉවත් කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා  ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ගම්පහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට වැඩ්දුරටත් නියම කලේය .
 
එම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනා අද (02) ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එම දෙදෙනාට ලබන වසරේ මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කෙරුණි .

Rate this item
(0 votes)