මෛත්‍රී - රනිල් ආණ්ඩුව වතුකම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක් ලබා දුන් බව පැවසුව ද ඒවාට පැහැදිලි නිරවුල් ඔප්පු නැති බව ජාතික ජනබලවේග මන්ත්‍රී විජිත හේරත් මහතා අය-වැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර ලදී.
ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වෙමින් සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ යහපාලන ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා හැටියට තමන් පළමු මාසයේ දී ම මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව ඉඩම් කෑල්ලක් වතුකම්කරුවන්ට ලබා දුන් බවය.
කිරිඇල්ල මහතාගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර දෙමින් හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඔවාට කියන්නේ කිරිඇල්ල ඔප්පු බවත් 1994දී කඳුරට පෙරමුණේ චන්ද්‍රසේකර මහතාත් ඔය ආකාරයේ කොළ කෑලි ඔප්පු දුන්න බවත් ඒවා වතු හිමිකරුවන් පිළිනොගන්නා බවය.
ඒ සමගම ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූ කිරිඇල්ල මහතා සඳහන් කළේ සිය රජය වතු කම්කරුවන්ට ඉඩමේ මුක්තිය ලබා දුන් බවය.
ඉඩමක භුක්තිය මෙන්ම අයිතිය ද ඉතා වැදගත් බව ඊට ප්‍රතිචාර දක්වමින් හේරත් මහතා සඳහන් කරන ලදී.