May 10, 2024

ලොහාන් රත්වත්තේට තවත් ඇමැතිධූරයක් - බන්ධනාගාර විෂයත් පවරයි

December 02, 2020

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 12:21