May 15, 2024

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට - පොලීසියටත් තර්ජනය කරලා

November 22, 2020

කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඊයේ (21)  අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා පෙරේදා (20) වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(1 Vote)

Related items