June 23, 2024

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි කියා මන්ත්‍රීවරු 19ක් ලිපියක් අත්සන් තබයි - විමල්, දිනේෂ්, උදය, වාසු ඇතුළු බහුතරය නෑ

November 13, 2020

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් යොමු කර තිබේ. 

රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සක‍්‍රීය දායකත්වය රටට ලබාදීම සඳහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව අදාළ මන්ත‍්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ දැක්වේ.

එබැවින් කඩිනමින් පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලා සිටින බව ද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2020 13:26