May 02, 2024

පාස්කු බෝම්බකරු සමග රහස් කතා කළ බුද්ධි නිලධාරියා තවම අල්ලලා නෑ

November 11, 2020

පාස්කු ප‍්‍රහාරය සිදුවීමට විනාඩි 45 කට පෙර දෙහිවල බෝම්බකරු වූ ලතීප් ජමිල් නැමැත්තා සමග රහස් සාකච්ඡුාවක් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් ක‍්‍රියාකර නැත.

මේ බරපතළ සිද්ධිය රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී තිබේ.

මෙම රහස් සාකච්ඡුාවෙන් පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට ගිය බෝම්බකරු බෝම්බය ගලවා ගැනීමට යෑමේදී පුපුරාගොස් තිබේ.

මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව බෝම්බකරු තුර්කියේ සංචාරයක යෙදී මෙරටට පැමිණි අයකු බවට හෙළි වී ඇත.

ලතීප් ජමිල් නමැති මෙම බෝම්බකරු ගැන රහස් පොලිසියද දැන සිටි බව රජයට හෙළි වී ඇත.

එහෙත් වසරකට අධික කාලයක් ගත වී ඇතත් බෝම්බකරු හමු වූ බුද්ධි නිලධාරියා ගැන විමර්ශන පැවැත්වීමට රහස් පොලිසිය ක‍්‍රියා කර නැත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 November 2020 14:17

Related items